Monday, June 13, 2011

කොයි එකද හරි

               අපේ පුතා දවසක් මට කියනවා මෙහෙම  තාත්තේ හෙට ස්කෝලෙට සල්ලි කීයක් හරි ගේන්න කිවුවා. ඉතින් මම ඇහුව ඇයි කියල, ස්කෝලෙන් හරකෙක් නිදහස් කරනවලු. නියමයි වැඩේ නම් ටොප්.
 ඒත් මම පුතාට මෙහෙමත් කිවුවා. පුතේ හරක් නිදහස් කරන එක වැඩක් නෙමේ හරක් මරන එක නතර කරන එකයි වටින්නෙ කියලා. ඒත් එයාට ඒක තේරැනේ නැහැ. මොකද තවම පුංචි දරැවෙක්නෙ.
          ඉතින් මම පහුවෙනිද පුතාගෙ සාක්කුවට සල්ලි ටිකක් දාල ස්කෝලෙ යැව්වා.
               වැඩේ ඒක නෙමෙයි අපේ කකුල් දෙකේ හරකුන්ට මේක තේරෙන්නෙ නෑනෙ. හරක කියන සතා මිනිසාට විශාල වටිනාකමක් තියෙන සතෙක්.  තව එකක් තමයි අපි හරක් මස් නොකා ඉන්න ඕනි. ඒක මිනිසුන්ගෙ වැඩක්. ඒත් අපේ පෙරේත හැත්තට මේක කරන්න බෑ. කොහොමටත් බෑ.
                ඒ වගේම කිසිම ආගමක කියලා නෑ සත්තු මරන්න කියලා. ඔන්න ඔබත් සිතා බලන්න. නිදහස් කරනවද නැත්නම් නොමරා ඉන්නවද

No comments:

Post a Comment